ශ්‍රී ලංකා පොලිස් සේවාවේ කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා බදවා ගැනීමේ දී 2021 වසරේ එම ක්‍රියාවලිය ආරම්භ වී මූලික හා ලිඛිත පරීක්ෂණ සමත් වී ඇගිලි සලකුණු ආදි සියලුම පරීක්ෂණ සමත් වූ අපේක්ෂිකාවන්ගේ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීම කල් දැමීමට කටයුතු කර ඇති බවත් අද වනතුරු මේ පත්වීම් ලබා දෙන්න බලධාරින් අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ දී කාන්තා පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්කර අසාධාරණයට ලක්වූ පාර්ශ්වය සමග පැවැති හමුවකදීයි.
කෙසේ වෙතත් මෙම වසරේ දී නව ගැසට්ටුවක් හරහා වයස් සීමා වෙනස්කර අධ්‍යාපන සුදුසුකම් වැඩි කරමින් නව කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බදවා ගැනීමට රජය සූදානම් බවයි විපක්ෂ නායකවරයා අපෙන්ව දෙන්නේ.
ඒ අනුව 2021 වසරේ සිට, වසර පහකට අධික කාලයක් පත්වීම් නොමැතිව සිටින පිරිස සඳහා රජය ලබා දෙන පිළිතුර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පවසනවා.














මුස්ලිම් ත්‍රස්තවාදය ට රටේ ආරක්ෂක අංශ වලට පිවිසීමට ඉඩ නොතබනු .
mea yaakata mongalmabthamayi. 2021 dhee badhawaganna hadhuwanam aniwaaryenma Maemal ge nil balukaaye swaadhirna set ekaka wenna athi.Api aanduwata kiyanawaa owunge sudhusukam nawatha pareekshaawata dhaanna kiyala.Adha uda thiyala mahabankuwata upadhi pathweem dhunna sallalayoo hitapu ratak meaka.