සැලූන් එකට ඇවිත් තග දැමූ කප්පම් චන්ඩියා අත්අඩංගුවට

මැදවච්චිය ප්‍රදේශයේ කොණ්ඩා කැපීමේ ව්‍යාපාරික ස්ථානයකට ඇතුළු වූ පුද්ගලයෙක් විසින් කප්පම් ඉල්ලා එහි හිමිකරුට පහරදෙන ආකාරයේ දර්ශනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා මැදවච්චිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙම වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය මඟින් විමර්ශනයක් සිදුකළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (17) දින සවස් කාලයේ මැදවච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු විසින් අදාල පහරදීම සඳහා යොදා ගත් තියුණු ආයුධයක් පොලිස් භාරයට ගෙන තිබුණා..

සැකකරු අවුරුදු 29 ක් වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පහරදීම කප්පම් ලබාගැනීමේ අරමුණින් සිදුකළ පහරදීමක් නොවන බවත්, සැකකරු හා ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අතර තිබූ පැරණි ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමක් බවත්, දැනට සිදුකරන ලද විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති බව පොලිසිය පවසනවා.

සැකකරු අද (18) දින මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඈති අතර මැදවච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෑෂ් කැම් එක නොතිබ්බනම් පොලිස් මහත්තයා දිණුම්
01:32
Video thumbnail
යතුපැදියක් සහ රන්භාණ්ඩ සොරකම් කළ පුද්ගල‍යෙක් මාට්ටු - තෙල් ටැංකියේ මූඩිය කඩලා තෙල් ගහන්නේ
03:13
Video thumbnail
හිටපු කිසිම ජනපති කෙනෙක් මෙහෙම දෙයක් කළේ නෑ - අධිකරණයට බරපතළ විදියට මැදිහත් වෙනවා
05:32
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රය සහමුලින්ම පෘථිවියෙන් චුත කරන්න හදන්නේ
04:22
Video thumbnail
"නවත්තපන්..ඇරපන් දොර ඇරපන්" අණ නොතකා පලාගිය මෝටර් රථය පසුපස පොලිසියෙන් ගිහින් ඇල්ලූ මෙහෙයුම
02:56
Video thumbnail
පොලිස් නිලධාරින් හා ගුවන් හමුදා නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා අතපය දික්කරගෙන එන්න එපා
04:06
Video thumbnail
බලපත්‍ර නොමැතිව රැගෙන ගිය මදන මෝදක ගුලි තොගයක් මාට්ටු - සැකකරුවෙක් අත්අඩංගුවට
00:52
Video thumbnail
රු: ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුතු ගංජා හේනක් වටලයි - සැකකරුවෙක් කොටු - ගංජා සේරම අළු කරයි
01:00
Video thumbnail
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සතුව තිබුණු දෙයින් බන්ධනාගාර නිලධාරිනුත් මවිත වෙයි ?
00:40
Video thumbnail
මාතර වෙළඳසැලක විශාල ගින්නක්
00:25