පූජ්‍ය කන්දකැටියේ සුමන රතන මාහිමිපාණන් අපවත් වෙයි

බදුල්ල කළුපහන ශ්‍රී වීර බෝධි රුක්කාරාමය සහ උඩ කණුගල ශ්‍රී නන්දාරාමය විහාරාධිපති, ගොවිකිරණ මාසික පුවත්පත් සඟරාවේ ප්‍රධාන කර්තෘ, ආචාර්ය පූජ්‍ය කන්දකැටියේ සුමන රතන මාහිමිපාණන් වහන්සේ අපවත් වී තිබෙනවා.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (17) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ. අවිස්සාවේල්ල, අමිතිරිගලී නන්දාරාම විහාරස්ථ ආදාහන මළුවේදීයි.