ජාත්‍යන්තර සහයෝගීතාවන් මෙරට ජනතාව නගාසිටුවීමට බෙහෙවින් ඉවහල් වනවා – ඇමැති නලින්ද

චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාව විදහා දක්වන “Heart to Heart, Side by Side” ඡායාරූප ප්‍රදර්ශණය චීන ආධාර (China Aid) යටතේ නිම වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ (OPD) ගොඩනැගිලි පරිශ්‍රයේදී අද (16) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්, කම්කරු අමාත්‍ය, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂි ෂෙන්ග්හොන්ග්ගේ (Qi Zhenhong) සහභාගීත්වයෙන් විවෘත කෙරුණා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රශීලී සබඳතා තවදුරටත් තහවුරු කරන්නා වූ සංඛේතයක් බඳු ශ්‍රී ලංකා ජාතික රෝහලේ චීන ආධාර යටතේ ඉදිකළ බාහිර රෝගී ප්‍රතිකාර අංශය තුළ මෙම ඡායාරූප ප්‍රදර්ශණය සංවිධානය කර තිබෙනවා.

මෙම ප්‍රදර්ශණයට චීනය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්ත්වයේ අවස්ථාවන් නිරූපණය කරන්නා වූ ද්විපාර්ශ්වික හුවමාරු, ශ්‍රී ලංකාවට චීනය ලබා දුන් ආධාර, චීනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ව්‍යාපෘති, චීන-ශ්‍රී ලංකා බහු-ක්ෂේත්‍ර සහයෝගිතාව සහ චීනයේ ජයග්‍රහණ ඇතුළත් තේමාවන් සහිත දෙරට අතර අනෝන්‍ය සහයෝගීතාවයන් ආදිය විදහා දැක්වෙන අවස්ථා නිරූපණය කරනු ලැබූ ඡායාරූප 350 කට අධික ප්‍රමාණයක් ඇතුළත්.

මෙහිදී පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ශ්‍රී ලංකා ජාතික රෝහලේ චීන ආධාර යටතේ ඉදිකර ඇති නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල හේතුවෙන් රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට මෙන්ම ප්‍රතිකාර සේවා සපයන කාර්ය මණ්ඩලයට ද වඩාත් ප්‍රියතාවයක් දක්වන්නා වූ සහ පහසුකම් සහිත පරිසරයක සිට සේවාවන් ලබාගැනීමට මෙන්ම ගුණාත්මක සේවාවක් සැපයීමට ද හැකියාව ලැබී ඇති බවයි.

දිවයිනේ ප්‍රමුඛතම යොමු කිරීමේ මධ්‍යස්ථානය (Apex referral centre) වන ජාතික රෝහල සතුව ඇඳන් 3,600කට අධික සංඛ්‍යාවක් පවතින බවත්, එමෙන්ම 9,000 කට ආසන්න කාර්ය මණ්ඩලයක් සේවය කරන බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙම රෝහලෙන් කිසිදු භේදයකින් තොරව සෑම පුරවැසියෙකුටම උසස් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමේ පහසුකම් මේ වනවිට සැළසී ඇති බවත් සඳහන් කළා.

චීන ආධාර (China Aid) යටතේ යුවාන් මිලියන 500ක (500 million yuan) පිරිවැයකින් නිම වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ පොදු සෞඛ්‍ය යටිතල පහසුකම් නංවාලීම වෙනුවෙන් සිදුකළ සුවිශේෂී ආයෝජනයක් බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා මෙවැනි ජාත්‍යන්තර සහයෝගීතාවන් මෙරට සාමාන්‍ය ජනතාවගේ ජීවිත සෘජුවම නගාසිටුවීමට බෙහෙවින් ඉවහල් වන බව ද පෙන්වා දුන්නා.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සහයෝගීතාවයට චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කරන බව ද මෙහිදී සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ප්‍රදර්ශනය මගින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව මෙන්ම සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතාවයේ සාර්ථකත්වය ද මනාව පිළිබිඹු කිරීමට හේතුවන බව ද වැඩිදුරටත් සඳහන් කළා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ සහ හෘද රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර, චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක තෑන්ග් යැන්ඩි (Tang Yandi), ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ත්‍රීරෝද රථයක් උඩට පයිනස් ගසක් වැටී සිදුවූ බිහිසුණු අනතුර - "සද්දේ ආපු ගමන් මං පුතා ඉන්නවද බැලුවේ"
02:17
Video thumbnail
මත් කුඩු ජාවාරම මෙහෙයවූ පහලොස් හැවිරිදි පාසල් සිසුවෙක් කොටු - බඩුත් එක්කම සිසුවා අත්අඩංගුවට
01:15
Video thumbnail
වසර 42 කට පසු කලාවැවේ ජල කාන්දුව වසන්න සුසිල් යයි - බය වෙන්න එපා කිසි හානියක් වෙන්නේ නෑ
10:18
Video thumbnail
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ අවධානම් ගස් ක#පා දමයි
01:07
Video thumbnail
නිවසට පැන්න සොරාට ගමම එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:09
Video thumbnail
මහ පාර මැද යකා නටපු කතුන් දෙන්නගේ වලිය
00:35
Video thumbnail
අනුර තෙන්නකෝන්ගෙන් 15 හැවිරිදි සූර්යවංශිට උපදෙසක්
00:41
Video thumbnail
අපේ මහින්ද මහත්තයාගේ කාලයේ මෙහෙම නෑ
00:48
Video thumbnail
බිලියන ගණනක ඔට්ටු අල්ලන ෆිෆා ලෝක කුසලානය
01:29