රටම එකට මෙහෙයුමෙන් ඊයේ දිනයට පමණක් සැකරුවන් 932 දෙනෙක් අත්අඩංගුවට

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව පොලිසිය විසින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි ඊයේ (15) දිනට අදාළ දෛනික වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

පොලිසිය විසින් නිකුත් කර තිබෙන මෙම වාර්තාව අනුව, ඊයේ (15) දිනයේ දී පමණක් මෙම මෙහෙයුම මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 333ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 622ක් ද ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනයේ දී පමණක් සිදු කරන ලද සමස්ත වැටලීම් 932කින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 932 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ සඳහන් වන්නේ.

එම සම්පූර්ණ වාර්තාව පහතින්,

Screenshot 2026 06 16 191701



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19