දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් පසුගිය වසරේ ඔක්තෝම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව පොලිසිය විසින් සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමෙහි ඊයේ (15) දිනට අදාළ දෛනික වාර්තාව පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.
පොලිසිය විසින් නිකුත් කර තිබෙන මෙම වාර්තාව අනුව, ඊයේ (15) දිනයේ දී පමණක් මෙම මෙහෙයුම මඟින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 333ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 622ක් ද ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනයේ දී පමණක් සිදු කරන ලද සමස්ත වැටලීම් 932කින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 932 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය විසින් නිකුත් කර ඇති එම වාර්තාවේ සඳහන් වන්නේ.
එම සම්පූර්ණ වාර්තාව පහතින්,

