ගම්මානයක්ම කළුවර කර පන්සල කොල්ල කාලා

ඇලහැර, ගල්මුල්ල ප්‍රදේශයේ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය බිඳ විහාරස්ථානයේ චෛත්‍යයේ සවිකර තිබූ පළිඟු චූඩාමාණික්‍ය සහ විහාරස්ථානයේ විහාර මන්දිරයේ බුදු පිළිම වහන්සේගේ රත්තරන් ඌර්ණ රෝම ධාතුව සොරුන් විසින් සොරාගෙන ගොස් තිබෙනවා.

පසුගිය 13 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුව ඇති බවයි බකමූණ පොලීසිය සඳහන් කළේ.

ගල්මුල්ල ගම්මානයට විදුලිය සැපයෙන ප්‍රධාන සැපයුම් ස්ථානයේ ඇති පරිපථය විසන්ධි කර ගම්මානයට සම්පූර්ණයෙන්ම විදුලිය විසන්ධි කිරීමෙන් පසු මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශනවල දී අනාවරනය වී තිබෙනවා.

සොරාගෙන ගොස් ඇති චූඩාමාණික්‍ය සහ රත්තරං ඌර්ණ රෝම ධාතුවේ වටිනාකම රුපියල් ලක්ෂ 06ක් පමණ බවන බවයි
විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26