30 වෙනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන්නොත් දරාගත නොහැකි දඩ

වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නිලධාරීන් මෙම මස 30 වෙනිදාට පෙර සිය වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ, එදිනට පෙර වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර අයට දඩ මුදලකට යටත් වීමට සිදුවන බවයි.

ඇතැම්විට එම දඩ මුදල දරාගත නොහැකි ප්‍රමාණයක් වනු ඇති බව ද ඔහු අවධාරණය කරනවා.

අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉලෙක්ට්‍රොනික පද්ධතිය හරහා පමණක් යොමු කළ යුතු බව සඳහන් කළ ඔහු, මෙම මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය 2026 වසරේ මාර්තු මස 31 වෙනිදා එළිදක්වූ බවයි පැවසුවේ.

2023 දූෂණ විරෝධී පනතට අනුව වත්කම් හා බැරකම් ඉදිරිපත් කළ යුතු නව නිලධාරින් පිරිසක් ඇතුළත්ව සිටින බව ද ඔහු සඳහන් කළා.

  1. වත්කම් බැරකම් ඉදිරිපත් කළ යුතු නිලධාරීන් කවුරුන්ද කියන එකත් දැම්මනම් වැඩේ තවත් පැහැදිලියි….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30