ජුනි 15 සිට 20 දක්වා දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීමත් සමඟ වර්ෂාපතනය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු සහ මදුරුවන්ගෙන් බෝවන අනෙකුත් රෝග පැතිරීම වැළැක්වීමේ අරමුණින් ජුනි 15 සිට 20 දක්වා දිනවල දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන හා පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (11) පැවති මාධ්‍ය සාකච්ඡාවක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්නගේ , එම අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාරගේ සහ පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රභා රුවන් සෙනරත්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා.

මෙම වැඩසටහන මගින් පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ ප්‍රජා සහභාගිත්වයෙන් ඩෙංගු මර්දන සහ පරිසර පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව නගර, අවහිර වූ කාණු හා ජලාපවහන පද්ධති, වීදි සහ මංමාවත්, වාණිජ ගොඩනැගිලි, පොදු ක්‍රීඩාංගන, උද්‍යාන, ආපනශාලා, සතිපොළ භූමි, වෙළඳසැල්, ආගමික ස්ථාන, පොදු වැසිකිළි පද්ධති, බස් නැවතුම්පළ සහ ඉදිකිරීම් පරිශ්‍ර ඇතුළු ස්ථාන විශේෂ අවධානයට ලක් කෙරෙනවා.

වැඩසටහන යටතේ ජනතාව දැනුවත් කිරීම සඳහා ප්‍රචාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ධූමායන කටයුතු සිදු කිරීම, ජලය එක්රැස් වන ස්ථාන විනාශ කිරීම, කාණු පද්ධති පිරිසිදු කිරීම, මළ අපජල පද්ධති පිරිසිදු කිරීම සහ පොදු ස්ථානවල ශ්‍රමදාන වැඩසටහන් සංවිධානය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම පරිසරය පුරා විසිරී ඇති ප්ලාස්ටික්, ටින්, වීදුරු හා පොලිතීන් අපද්‍රව්‍ය එක්රැස් කර නිසි පරිදි බැහැර කිරීම, අවිධිමත් කසළ බැහැර කිරීම් වැළැක්වීම සඳහා පරිසර පොලිසියේ සහාය ලබා ගැනීම සහ විවෘත කසළ ගොඩවල් ආශ්‍රිතව මදුරුවන් බෝවීම වැළැක්වීමට පියවර ගැනීමද සිදු කෙරෙනවා.

වැව්, ගංගා, ඇළදොළ, කලපු සහ මුහුදු වෙරළ ආශ්‍රිත ප්‍රදේශ පිරිසිදු කිරීම සඳහාද ප්‍රජා මට්ටමේ විශේෂ වැඩසටහන් සංවිධානය කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළා.

ඉදිකිරීම් පරිශ්‍ර තුළ මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා ජලය රැස්විය හැකි උපකරණ ආවරණය කිරීම, භාවිතා නොකරන භාජන නිසි ලෙස ගබඩා කිරීම, ජල ටැංකි වසා තැබීම, ජලය රැඳෙන ස්ථාන පිරිසිදු කිරීම සහ කීට නාශක යෙදීම ඇතුළු උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.

මේ අතර ජුනි 18 වැනිදා දිවයිනේ පාසල් කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද එම මාධ්‍ය සාකච්ඡාවේදී අනාවරණය කෙරුණා.

අදාළ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුම පළාත් පාලන ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන සහ මහජනතාවගේ සක්‍රීය සහභාගිත්වය ලබාදෙන ලෙස බලධාරීහු ඉල්ලීමක් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18