මෙරට ධීවර කර්මාන්ත ක්ෂේත්රය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිකෙරෙනු බහු දින ධීවර යාත්‍රා දියත් මඟ, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් අද (11) උදෑසන බේරුවලදී විවෘත වුණා.
මේ සඳහා එම අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 76 වියදමක් දරා තිබෙනවා.
විශේෂයෙන්ම මෙරට බහු දින ධීවර යාත්‍රා නිෂ්පාදනය ඉලක්ක කර ගනිමින් මෙරට අපනයන ආදායම් ඉහල නැංවීමේ අරමුණ ඇතිව මෙරටදී නිෂ්පාදනය කරනු ලබන බහු දින ධීවර යාත්‍රා මෙන්ම අනිකුත් ධීවර යාත්‍රා කිසිදු හානියකින් තොරව මුහුදට දියත් කිරීම සඳහා මෙම ‘දියත් මග ඔස්සේ’ ඉදිරියේදී කටයුතු කෙරෙනවා.
මෙම අවස්ථාවට ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජනය කරමින් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.













