මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ටියුනප් දන්සල අද නාරහෙන්පිට දී

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව, මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන වායු විමෝචන වැඩසටහන සහ අය කිරිමකින් තොරව රථ වාහන සුසර කිරීමේ වැඩසටහන අද (10) දිනයේ දී ආරම්භ වුණා.

ඒ ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී යි.

මේ අතර නාගරික වශයෙන් වායු විමෝචනය සම්බන්ධයෙන් දත්ත ඇතුළත් නව මෘදුකාංගයක් ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා අතින් එළිදැක්වුණා.

මෙම මෘදුකාංගය ඉදිරියේ දී යෙදුමක් ලෙස භාගත කර ගැනීමට සහ ඒ මඟින් ජනතාවට නාගරික වශයෙන් පවතින වායු දූෂණය සහ ඒ සම්බන්ධයෙන් වන දත්ත පිළිබද දැනුවත්වීමේ පහසුකම් හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්