කොවිඩ් දේහයක් ගෙනා නිසා ”සුසානයේ සිටි පිරිසම” හතර අතේ දුවලා

කොවිඞ් 19 වෛරසය වැලඳී මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඊයේ (21) පස්වරුවේ වස්කඩුව ආදාහනාගාරය වෙත රැගෙනවිත් නැවත රැගෙන ගිය බව ආදාහනාගාර පාලකවරයා පවසනවා

මෙසේ රැගෙන ගියේ මොරොන්තුඩුව, ගෝනදූව ප‍්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකුගේ මෘත දේහයක් බවයි වාර්තා වන්නේ

මියගොස් ඇති පුද්ගලයාගේ මළ සිරුර දහවල් 12ට ආදාහනය කිරීම සඳහා පවුලේ ඥාතීන් ආදාහනාගාරය වෙන්කරවා ගෙන දහවල් 11.30 සිට සුසාන භූමියේ රැඳී සිට ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රමාදය හේතුවෙන් දේහය රැගෙන පැමිණ තිබෙන්නේ පස්වරු 2ට පමණයි

පස්වරු 2ට ආදාහනය කිරීම සඳහා වෙන්කර තිබූ කුඩා වස්කඩුව ප‍්‍රදේශයේ මෘතදේහය හතළිහකට ආසන්න පිරිසක් සමගින් පස්වරු 1.50ට පමණ රැගෙන විත් තිබූ අතර ඔවුන් සුසාන භූමියේ සිටියදීම කොවිඩ් දේහය රැගත් ගිලන් රථයක් සුසාන භූමියට පැමිණ තිබෙනවා

පසුව ගිලන් රථයේ කොවිඩ් දේහයක් තිබෙන බව දැනගත් ආදාහනාගාරයේ ඉදිරිපිට රැඳී සිටි පිරිස කලබලවී සීසීකඩ විසිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ

පසුව ආදාහනාගාර පාලක ප‍්‍රාදේශීය සභාවේ නිලධාරියෙක් අමතා වස්කඩුව ප‍්‍රදේශයෙන් රැගෙන ආ දේහය ආදාහනය කළ අතර, කොවිඞ් දේහය අයත් ඥාතීන් අසීරුතාවයට පත්ව සුසාන භූමියේ රැඳී සිට තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09