වෙළඳ නාමයක් යොදා ගනිමින් අන්තර්ජාලය හරහා සම්බන්ධ වී අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් ඉපයිය හැකි බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් පොලිඉස්ය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් උප එකකය වෙත ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයක දී සැකකාරිය ඊයේ (08) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම සැකකාරිය විසින් රුපියල් හාරලක්ෂ විසිහයදාස් තුන්සියයක මුදලක් වංචා කර ඇති අතර, වංචා කරන ලද මුදලින් ඇගේ ගිණුමට රුපියල් එක්ලක්ෂ විසිහයදාස් පන්සියයක් බැර කරගනිමින් මුදල් වංචාවක් කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
සැකකාරිය අවුරුදු 28ක වන ගම්පහ, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
පරිගණක අපරාධ විමර්ශන අංශය වයඹ පළාත් උප එකකයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













