හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේගේ නීති උපදේශක අසිත් සිරිවර්ධන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
සුරේෂ් සලේ මේ වන විට ශාරිරික සහ මානසික තත්ත්වය බරපතළ ලෙස පිරිහී ඇති බැවින් ඔහුව වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලකට ඇතුළත් කිරීම අවශ්‍ය වන බව අසිත් සිරිවර්ධන විසින් එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
එමෙන්ම සුරේෂ් සලේ විසින් තම අවසන් කැමති පත්‍රය සහ ඊට අදාළ නිතිමය ලේඛණ සකස් කිරීම සඳහා තම නීතිඥවරයා හමුවීමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඉල්ලා ඇති බවද එම ලිපියේ සඳහන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි සුරේෂ් සලේ ඥාතීන් සඳහන් කළේ ඔහු මේ වන විට ආහාර, ජලය සහ ඖෂධ ප්‍රතික්ෂේප කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවයි.













