පසුගිය දිට්වා ආපදා සමයේ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් කුලී පදනම මත ලබාගත් වාහන සඳහා ඩීසල් ලබා ගැනීම සඳහා මුදල් වෙන් කිරීමේදී රුපියල් මිලියන 9.2 දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව නුවරඑළිය මහ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සහ නුවරඑළිය සුරැකීමේ සංවිධානය විසින් විගණකාධිපතිවරයා ඇතුළු ස්ථාන අදාළ පාර්ශව රැසකට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද ඔවුන් පවසනවා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ නුවරඑළිය මහ නගර සභාවේ ඒකාබද්ධවිපක්ෂයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී සුසන්ත ප්‍රියලාල් පලිහවඩන කියා සිටියේ ආපදා සමයේ හානියට පත්වූ නුවරඑළිය නගරය මැදින් ගලා බසින තලගල ඔය සංවර්ධන කටයුතු සඳහා ස්කවේටර් බැකෝ ඇතුළු යන්ත්‍ර සූත්‍ර, කුලී පදනම මත ලබා ගැනීමට සහ ඒවාට ඉන්ධන සැපයීම, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ නුවරඑළි මහ නගර සභාව විසින් සිදු කළ බවයි.
රුපියල් ලක්ෂ අනූ දෙකකට අධික මුදලක් ඉන්ධන සඳහා වෙන් කළද ඒ මුදලට සරිලන පරිදි, කිසිදු වැඩක් විධිමත්ව සිදුව නොමැති බවත් මන්ත්‍රීවරයා චෝදනා කරනවා.













