පදමට සූර් වී පැමිණ කාන්තාවන් දෙදෙනෙක් එලොව යැවූ රියදුරු අත්අඩංගුවට

හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගාඩ මාර්ගයේ ඇඹුල්ගම දෙසට ධාවනය වූ කාර් රථයක් එම දෙසටම මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක්ගේ ගැටී අනතුරක් සිදුව ඇති අතර අනතුර සිදුකල කාර් රථය නොනවත්වා පලා ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා නවගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයිඕ වාර්තා වන්නේ.

මරණකාරියන් අවුරුදු 42 හා 44 වයස්වල පසුවූ රනාල සහ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශවල පදිංචිකාරියන්.

සී.සී.ටී.වී දර්ශන හා ලද තොරතුරු මත විමර්ශනය සිදු කළ පොලිසිය විසින් සැකකාර රියැදුරු හා කාර් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති අතර හංවැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
2
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලියලා තියාගන්න - 2029යේත් දිනන්නේ අනුර තමයි
04:39
Video thumbnail
මට ග#ලා දුවව ඇ#ගෙන ගියා - තරුණියෙක්ව බලෙන් උස්සගෙන ගිහින්
02:14
Video thumbnail
මහර විදුලි උපකරණ වෙළඳසැලක ගින්නක් - උණුසුම් තත්තවයක්
00:50
Video thumbnail
විපක්ෂයට සොරිම තමයි - අපි ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නෑ
15:28
Video thumbnail
බීලා වේගයෙන් ආපු රියදුරා, කාන්තාවන් දෙදෙනෙක් එලොව යවයි
01:07
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථයක් පොලිසියෙන් අල්ලයි
01:33
Video thumbnail
ණය ගෙවන්න බැරිවුණොත් රට ලොකු ඛේදවාචකයක - රට ගැන හිතලා අපි එකතුවෙමු
10:07
Video thumbnail
ජල ගාස්තුවත් වැඩි කරන්න යන්නේ ? - රට භයානක තත්ත්වයක..විපක්ෂය අනතුරු අඟවයි..!
02:59
Video thumbnail
සුන්බුන් විපක්ෂයට මෙහෙමනම් ගමනක් නෑ - නි. ඇමතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
05:33
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා යන බස් එක
00:55