දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත දින 03 ක විශේෂ මදුරු මර්දන ජාතික වැඩසටහන ප්‍රකාශයට පත් කිරීම සහ පසුගිය වෙසක් උත්සව සමයේ සිදු වූ මාර්ග අනතුරු පිළිබඳ විශේෂ සමාලෝචනයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ (05) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සුවසිරිපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදීයි.
ඒ අනුව ලබන ජූනි මස 08, 09 සහ 10 යන දින තුන, විශේෂ මදුරු මර්දන දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත්, එම මදුරු මර්දන වැඩපිළිවෙල තුළ වන විශේෂ ක්‍රියාකාරකම් සහ ජනතා අවධානය යොමු කළ යුතු බවත් මෙහිදී මාධ්‍ය දැනුවත් කළා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ සහ කළමණාකරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග කියා සිටියේ මෙවර වෙසක් සමයේ අනතුරුවල වැඩිවීමේ ප්‍රවණතාවයක් දැකගත හැකි වූ බවයි.
එහිදී රිය අනතුරු සහ දියේ ගිලීම් අනතුරුවල වැඩිවීමක් දැකගත හැකි වූ බව ද ඔහු පවසා සිටියා.
ඊට ප්‍රධාන හේතුව ලෙස දීර්ඝ නිවාඩුවක් සහ සති අන්තයක් බවට මෙවර වෙසක් සතිය ජනතාව පත් කර ගැනිම විය හැකි බව ද ඔහු සඳහන් කළා.
එහිදි මහා මාර්ග අවහිර වන පරිදි දන්සල් මාර්ග ආශ්‍රීතව පැවැත්වීම තුළ අධික මාර්ග තදබදය සහ එම හේතුවෙන් එම අවස්ථාවේ රියදුරන්ගේ සහ ජනතාවගේ මානසික තත්ත්වයන් ව්‍යාකූලවීම මත වන ක්‍රියාකාරීත්වයන් ද අනතුරු සඳහා හේතු සාධක වනු ඇති බව ද ඒ පිළිබඳ අවධානය යොමුව ඇති බව ද විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග කියා සිටියා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර කියා සිටියේ ඩෙංගු රෝගී තත්ත්වය මෙම වසර පුරා වර්ධනයක් පෙන්නුම් කරමින් 2025 වසර සමග සංසන්දනය කිරීමේ දි අද වනවිට රෝගින් 10,000 ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
පසුගිය ස්වභාවික ව්‍යසනය සමග කසළ තත්ත්වය සහ වර්ෂාවේ වැඩිවීම ද මීට හේතු වූ බව ද ඔහු සඳහන් කළා.
ඒබැවින් මේ පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පෙන්වා දුන් ඔහු 2026 ජනවාරි සිට මේ වනවිට රෝගීන් 35,300 ක් පමණ වාර්තා වූ බවත්, එම රෝගීන්ගෙන් 50% ක් වශයෙන් වැඩිපුරම බස්නාහිර පළාතෙන් වාර්තා වූ බව ද පෙන්වා දුන්නා.













