මැයි මාසයේදී මෙරට නිල සංචිත වත්කම් ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළට

2026 මැයි මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.

එය පසුගිය අප්‍රේල් මාසයේ පැවැති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේ දී ඩොලර් මිලියන 6,873ක් දක්වා 1.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා.