හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීම හෙළා දකින බවට තමන් කළ ප්‍රකාශය අධිකරණයට අපහස කිරීමක් නොව හුදෙක් මානුෂිය පදනම මත සිදුකළ අදහස් පළ කිරීමක් බව තිණියාවල පාලිත හිමි පවසනවා.
ඊයේ (03) මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් තිණියාවල පාලිත හිමියන් විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබුණා.
එම ප්‍රකාශය සිදුකරන් අවස්ථාවේ දී, එය අධිකරණ තීන්දුවක් බවට තමන් නොදන්නා බවයි උන්වහන්නේ පවසන්නේ.
අධිකරණයට ගරු කරන භික්ෂුවක් වශයෙන් ඒ සම්බන්ධව සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරමින් සමාව අයැද සිටින බවත් තිණියාවල පාලිත හිමි සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
11
+1
+1
2
+1
+1
1













