අයිස් සමඟ මාට්ටු වූ දෙදෙනක් මහ රෑ පොලිස් කූඩුවෙන් පැනයයි

මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (03) සවස අයිස් මත්‍ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් අවුරුදු 29 සහ අවුරුදු 30ක් වයැසැති මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව සැකකරුවන් දෙදෙනාව අද (04) දිනයේ දී අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිට ඇති අතර අද අළුයම, සිරකුටියට දමා තිබූ අගුල ගලවා දමමින් එම සැකකරුවන් දෙදෙනා මිහින්තලේ පොලිසියෙන් පළාගොස් ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ වන විට එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45