ත්‍රීරෝද රථයකට ගසක් කඩා වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට

නාවලපිටිය, මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට මාර්ගය අසල තිබූ ගසක් කඩා වැටිමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පාසල් සිසුවෙක් සහ තවත් කාන්තාවන් දෙදෙනෙක් ත්‍රීරෝද රථය තුළදීම
ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් එම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරා දිවි ගලවා ගෙන ඇති බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ.

අද (04) දින උදෑසන 6:45ට පමණ මෙම අනතුර සිදු වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක් තිස්සේ දිරාපත් වි තිබූ එම යූකැලිප්ටිස් ගස කපා ඉවත් කරන ලෙස අදාළ ආයතන වෙත දැනුම් දි තිබුණත්, එයට මෙතෙක් විසදුම් නොලැබුණු බවයි.

අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය විසින් විමර්ශන පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45