ශ්‍රී ලංකා මළල ක්‍රීඩකයෙක් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ළඟා වූ ඉහළම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩක රුමේෂ් තරංග සමත් වුණේ හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණෙමින්.
ඒ අනුව මේ වන විට ඔහු රැඳී සිටින්නේ 05 වන ස්ථානයේ යි.
ඒ අනුව ලොව හොඳම ක්‍රීඩකයින් 05 දෙනා අතර සිටින රුමේෂ් තරංග, අද (03) ඉතාලියේදී රෝම ඩයමන් ලීග් මළල ක්‍රීඩා තරගවලියට එක්වීමට නියමිතයි.













