නීතිවිරෝධීව රැගෙන ආ විදෙස් දුම්වැටි තොගයක් රේගු දැලේ

රුපියල් අසූ තුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , විදේශීය ගුවන් මගීන් තිදෙනක් අද (03) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 35,38 සහ 50 යන වයස් වල පසුවන චීන ජාතිකකයින් පිරිසක්.

ඔවුන් අද අලුයම 02.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 55,800 ක් අඩංගු , දුම්වැටි කාටූන් 279 ක් සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ - ඒ කාලේ නම් පුතේ යකඩත් වික්කා
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52