දිට්වා ආපදාවෙන් පසු සවිබල ගැන්වීමේදී හඳුනා ගන්නා ලද ගැටලුවලට පිළියම්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වය මත, බිඳ වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආපදාවට ලක් වූවන් සවි බල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025-12-05 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබෙනවා.

එකී හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්ක කිහිපයක පැවති සවිබල ගැන්වීමේ වැඩසටහනේ ප්‍රගතිය විමසා බැලීමේදී හඳුනා ගන්නා ලද ගැටලවලට පිළියම් වශයෙන් පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

  • නිවාස අහිමි වු පදිංචියට නිවසක් නොමැති නිවාස හිමියන් සඳහා තම නිවස ඉදි කර ගනු ලබන තෙක් වෙනත් ස්ථානයක තාවකාලිකව පදිංචි වීම සඳහා උපරිම මාස 06ක් දක්වා ලබා දුන් මාසික ගෙවල් කුලී දීමනාව උපරිම මාස 09ක් දක්වා දීර්ඝ කිරීමට හැකිවන පරිදි අවශ්‍ය චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම.
  • ගල්, පස් හා සුන්බුන් එකතු වීමෙන් විනාශ වී ඇති කුඹුරු නැවතවගාවට යෝග්‍ය පරිදි සකසා ගැනීම දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්/ සහකාර කොමසාරිස් විසින් අනුමතකරනු ලබන ඇස්තමේන්තුවක් අනුව අදාළ ආයතනවල අනුමැතින් ලබා ගැනීමෙන් අනතුරුව එකී සුන්බුන් ඉවත් කර නැවත වගාවට යෝග්‍ය පරිදි සකස් කිරීමට අදාළව චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කිරීම.
  • ගල් පෙරලීම සහ පස් කඩා වැටීම් සිදු වී ඇති ස්ථාන හෝ නායයෑම් අවදානම් සහිත ස්ථාන වල නායයෑම් අවදානම් අවම කිරීමේ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිර්දේශ කරන පරිදි සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නායයෑම් අවම කිරීමේ වැඩසටහන මඟින් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතාවයෙන් යුතුව භාවික කිරීම.
  • අවශ්‍ය වන ප්‍රතිපාදන සුදුසු පරිදි ආපදා සහන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන තුළින් මහා භාණ්ඩාගාරය විසින් සලසා දීම.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23