රජයේ ආදායම් රැස්කරන ආයතනවල සුපිළිපන්නභාවය පිළිබද සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නය ඉදිරියට ගෙන යාම අරමුණු කර ගනිමින් “රාජ්‍ය ආයතනවල ස්ථාපිත “අභ්‍යන්තර කටයුතු ඒකක” වල ක්‍රියාකාරිත්වය සහ 2025-29 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම අනුව, ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරා බදු දෙපාර්තමේන්තුව යන ආදායම් රැස්කරන හා උපයන ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි පසුගිය 29 වැනිදා පැවැත්වුණා.

මෙම ආයතනවල දූෂණ විරෝධී ප්‍රයන්තය ඉදිරියට ගෙන යාම සහ සුපිළිපන් සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එහිදි සමාලෝචන කළ බව ජනධිපති මාධ්‍ය නිවේදනය මඟින් නිකුත් කළ නිවෙදස්න්යේ සඳහන් වනවා.

එසේම මෙම ආයතනවල තවදුරටත් සුපිළිපන් සංස්කෘතියක් තහවුරු කිරීම සඳහා ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා වුණා.

මෙම අවස්ථාවට ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ සහ රේගු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එස්. කේ. ලියනගම, දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර් පී එච් ප්‍රනාන්දු , සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී.එන්. ඒ. පේමරත්න ඇතුලු එම ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීන්ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36