චීනයේ හොංකොංහි පැවති 22 වැනි ආසියානූ කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේදී, ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02 ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 04ක් දිනා ගෙන එහි පදක්කම් සටහනෙහි 08 වන ස්ථානය හිමි කර ගෙන අද (02) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
එහිදී තරුෂි අභිෂේකා මීටර් 1,500 ධාවන ඉසව්වෙන් රන් පදක්කමක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී සිටියා.
ඊට අමතරව රන්සිනි පෙරේරා මීටර් 200 ඉසව්වෙන් වසර 32කට පසුව රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.
එසේම උස පැනීමේ ඉසව්වෙන් තරූෂ මෙන්ඩිස් රිදී පදක්කමක් සහ නෙත්සර දිනෙත් මීටර් 800 ධාවන ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
මීට අමතරව සදෙව් රාජකරුණා මීටර් 200 ඉසව්වෙන්ද, මිහින්සා අබේරත්න කාන්තා උස පැනීමේ ඉසව්වෙන් ද, තරුෂි අභිෂේකා මීටර් 800 ඉසව්වෙන් සහ මීටර් 400 × 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.
මෙම පිරිස අද (02) දින උදෑසන 06.10ට චීනයේ ග්වැන්ෂෝ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 885 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා සංගමයේ උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉගෙනුම ලබන පාසැල්වල ගුරුභවතුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.













