ඩුබායි සුද්දා අත්අඩංගුවට

සංචාරක වීසා උපයෝගි කරගනිමින් ලාංකිකයින්ට ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි රැකියා සඳහා යොමුකළ රන්තැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන හෙවත් ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකය විසින් කඩුවෙල ප්‍රදේශයේ දී අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා සැකකරු විසින් රුපියල් ලක්ෂ 07ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට ගිරිඋල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කළ පැමිණිල්ලක් අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මොහු විදේශ ගතවී සිට යළි දිවයිනට පැමිණි අයෙක් වන අතර, කඩුවෙල ප්‍රදේශයේ රැදී සිටින බවට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගැනීමට යාමේදී විමර්ශන නිලධාරීන් මගහරිමින් සිය පුද්ගලික රථයෙන් පළායාමට උත්සහ කිරිමේ දී අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු හෙට (02) දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
14
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted