මීගොඩ දන්සැල් අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරා රිමාන්ඩ් – අයිතිකරුත් අත්අඩංගුවට ගන්න නියෝග

හයිලෙවල් මාර්ගයේ මීගොඩ ප්‍රදේශයේ පැවති දන්සැලක් අසළ ඊයේ (31) රාත්‍රියේ සිදුවූ මාරක අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.

මීගොඩ පොලිසිය මඟින් අද (01) දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකාර රියදුරා ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි නියෝග කර ඇත්තේ.

මේ අතර අනතුර සිදුකළ කැබ් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුව ඉදිරිපත් කර ලෙසයි අධිකරණය පොලිසියට නියෝග කරනු ලැබුවේ.

ඊයේ රාත්‍රියේ 11.57ට පමණ සිදු වූ මෙම අනතුරින් මියගිය හයදෙනා අතර එකම පවුලේ ඥාතීන් සිව්දෙනෙකු සිටින බව වාර්තා වනවා.

ඔවුන් පිළියන්දල,වෑවල, පල්ලිය පාර ලිපිනයේ පදිංචිව සිට් 56 හැවිරිදි පි බි ඉන්ද්‍රාණි නැමැති කාන්තාවක්, 35 හැවිරිදි ඇයගේ දියණිය වන නවීෂා නිලක්ෂි, 38 හැවිරිදි ඇයගේ බෑණා වන ලසික ප්‍රියංකර නානායක්කාර සහ 15 හැවිරිදි වියේ පසුවන මියගිය කාන්තාවගේ සහෝදරයාගේ දියණියත් සිටින බවයි වාර්තා වුණේ.

මියගිය නවීෂා නිලක්ෂි සහ ඇයගේ සැමියා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිව සිටියදී ඉකුත් සෙනසුරාදා තම මවුපියන්ගේ නිවස වන පිළියන්දල, පල්ලිය පාරේ නිවසට පැමිණ තිබුණා.

ඔවුන් දෙදෙනාව යළි නිවස වෙත ඇරලීම සඳහා ගිය ඉන්ද්‍රානිගේ ස්වාමීපුරුෂයාට අයත් ත්‍රී රෝද රථයෙන් මියගිය නවීශා නිලක්ෂි ඇයගේ සැමියා සහා කුඩා දරු දෙදෙනා මෙන්ම මියගිය ඉන්ද්‍රාණි, සහ සහෝදරයාගේ දියණියත් කැටුව වෙසක් සිරි නරඹමින් අවිස්සාවේල්ල කර ඇති බවයි අනාවරණය වුණේ.

ඒ අතරතුර මීගොඩ ප්‍රදේශයේ දී පැවති රොටි දන්සලක් අසල ත්‍රීරෝද රථය නවතා පෝලිමේ රැඳී සිට තිබෙනවා.

නමුත් එම අවස්ථාවේ ත්‍රීරෝද රථයේ රියැදුරු ලෙස කටයුතු කළ මියගිය ඉන්ද්‍රානිගේ ස්වාමිපුරුෂයා දියණියගේ වැඩිමහල් දරුවත් සමඟ ත්‍රීරෝද රථයේ රැඳී සිට තිබෙනවා.

එම අවස්ථාවේදී අවිස්සාවේල්ල සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් මාර්ගයේ වම් පස දන්සලේ රැඳී සිටි පුද්ගලයන් 13 දෙනෙකු පමණ අනතුරට ලක් කර නොනවත්වා ධාවනය කර තිබූ බව‍යි පොලිසිය පැවසුවේ.

මෙහිදී හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් හත්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

පොලිසිය විසින් ගොඩගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා වයස අවුරුදු 42 ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අනතුර සිදුවන අවස්ථාවේ ඔහු බිමත්ව සිටි බවත් ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් ද නොමැති බවත් තහවුරු වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30