රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ කප් සිටුවීම සිදුකෙරේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2026 වර්ෂය සඳහා වන ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් කප් සිටුවීමේ චාරිත්‍රය අද (01) උදෑසන සිදු කෙරුණා.

කප් සිටුවා දින 45ක් සපිරෙන දින මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ වන බවයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුසංක සඳහන් කළේ.

මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය ලබන ජූලි 15 වැනිදා සිදු කිරීමට නියමිත අතර, පෙරහැර අවසානය 29 වනිදා සිදුකෙරෙනු ඇති.

ඊට පසුදින (ජූලි 30) වනදා දිය කැපීමේ මංගල්‍යය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted