හුංගම පොලිස් වසමේ කළමැටිය මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ ළමුන් තිදෙනා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක බව හුංගම පොලිසිය සඳහන් කළා.
ඊයේ (30) පස්වරුවේ මෙම පිරිමි ළමුන් තිදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.
අතුරුදන් වූ ළමුන් අවුරුදු 12, 17 සහ 18 වයස්වල පසුවන හුංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, නාවික හමුදා නිලධාරීන්,හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
2
+1
+1













