මලියදේව විද්‍යාලය සමඟ ඇති වූ වලිය ගැන විද්‍යාර්ථ විද්‍යාලයෙන් පැහැදිලි කිරීමක්

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර ඊයේ (29) දිනයේ පැවති අන්තර් පාසල් රග්බි තරඟයෙන් අනතුරව ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් අද (30) පස්වරුවේ නිත්තවෙල පිහිටි ආදි විද්‍යාර්ථ ක්‍රීඩා සමාජ ශාලාවේදී පැවැත්වුණා.

විද්‍යාර්ථ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කොට තිබූ අතර එහිදී අවධාරණය කෙරුණේ මෙම ගැටුමට සහභාගී වූයේ මලියදේව රග්බි කණ්ඩායමේ සාමාජිකයන් කීප දෙනෙක් හා මලියදේව විද්‍යාලයට සහයෝගය දැක්වීම සඳහා පැමිණි පිරිසක් බවයි.

මෙම පිරිසකගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම හේතුවෙන් තරඟය දෙවරක් නැවැත්වීමට පවා විනිසුරුවන්ට සිදු වූ බව, එහිදී අදහස් පළ කළ විද්‍යාර්ථ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික පොල්කොටුව කියා සිටියා.

තරඟයෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයෝ අතට අත දී ආචාර කරන අවස්ථාවේ මලියදේව ක්‍රීඩක පාර්ශවයෙන් යම් ප්‍රචණ්ඩකාරී හැසිරිමක් සිදුවූ බවත් අනතුරුව එම තත්ත්වය දිගින් දිගටම පැවතිය දි එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන්ට තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීමෙන් තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පැමිණි පසු තත්ත්වය සමථයකට පත්කොට කුරුණෑගල නගරයෙන් විද්‍යාර්ථ විද්‍යාලීය ක්‍රීඩකයන් සහ දෙමව්පියන් මෙන්ම අනෙකුත් සම්බන්ධ වූවන් නගරයෙන් පිටතට යනතුරු පොලිස් ආරක්ෂාව ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කළා.

මෙම තත්වය ඉතාමත් නරක පූර්වාදර්ශයක් බැවින් ඒ පිළිබඳව පාසල් රග්බී සංගමයට පැමිණිලි කිරීමට මෙන්ම අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද ඉන්දික පොල්කොටුව පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23
Video thumbnail
ආණ්ඩුව රටම නොමඟ යවලා - ගල් අඟුරු වංචාව DV චානක හෙළිකරපු දේ
03:15
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30