අයි.පී.එල් නොපැමිණි සෑම් කරන් ගැන සංගක්කාර කළකිරීමෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තිබූ අවස්ථාව ඊයේ (29) බොඳවී ගියා.

ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ පැවති තරගය කඩුලු 07කින් පරාජයට පත්වීමත් සමඟයි.

මෙම තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට රාජස්ථාන් රෝයල්ස් ප්‍රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර එක්ව සිටියා.

එහිදී මෙවර අයි.පී.එල් තරගාවලිය වෙනුවෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට මිලදී ගත් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා සිටියා.

කෙසේ වෙතත් එහිදී සංගක්කාර තුන් ඉරියව් ක්‍රීඩක සෑම් කරන් සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ ඉතා කලකිරීමකින්.

රාජස්ථාන් කණ්ඩායම විසින් මිල දී ගත් සෑම් කරන් ඉකිලියේ ආබාධයකට ලක්ව ඇති බව පවසමින් මෙවර අයි.පී.එල් තරගාවලියට එක් නොවන බව දන්වා සිටියා.

ඒ, අනුව ඔහුගේ හිස්තැන පිරවීමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකව එක්කර ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගාවලිය ආරම්භයට පෙර කටයුතු කළා.

කෙසේ වෙතත් සංගක්කාර ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ මෙවැන්නක්.

“සෑම් කරන් ආබාධයකට ලක්ව ඇති බව අපට දන්වා සිටියා. නමුත් ඔහු දැන් තරඟ දෙකක් හෝ තුනක් සරේ වෙනුවෙන් ක්‍රීඩා කරනවා මම දුටුවා, ඒ නිසා එය බලාපොරොත්තු සුන් කරවන සුළුයි. ඔහු අප වෙනුවෙන් මෙහි ක්‍රීඩා කිරීමට අපි කැමති වුණා, නමුත් දසුන් ශානක ආදේශකයක් ලෙස එක්කර ගත්තා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39