මඩකලපුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක අද (30) පෙරවරුවේ හදිසියේම ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.
පෙරවරු 06ට පමණ බැංකු පරිශ්‍රයෙන් හදිසියේම කළු දුම සහ ගිනි ජාලා පිටවීම ප්‍රදේශවාසීන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති අතර, ඔවුන් වහාම ගිනි නිවන අංශයට සහ පොලීසියට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා.
අනතුරුව මඩකලපුව මහනගර සභාවේ ගිනි නිවන ඒකකය අදාළ ස්ථානයට පැමිණ දැඩි උත්සාහයක් දරා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබෙනවා.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ගින්නෙන් සිදුවූ දේපළ හානි සහ අලාභය පිළිබඳ සම්පූර්ණ තක්සේරුවක් මෙතෙක් සිදුකර නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.













