සයිබර් අපරාදවලින් පරිස්සම් වෙන්න පොලිසියෙන් උපදෙස්

රථවාහන වැරදිවලට අදාලව දඩ මුදලක් ගෙවීමට පවතින බවට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් යොමු කරන ආකාරයේ පණිවිඩයක් මෙම දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් වෙත යොමු වන බවට පැමිණිලි වාර්තා වී ඇති බව පොලිසිය විසින් නිවේදනයක නිකුත් කරමින් පවසනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, මහජනතාව මෙවැනි නොමඟ යවන සුලු පණිවිඩ සහ ඒ ආශ්‍රිත සයිබර් තර්ජනවලට (Phishing and online scams) ගොදුරු වීම වැළැක්වීම සඳහා පහත සඳහන් උපදෙස් අනුව ක්‍රියා කරන ලෙසට පොලිසිය වැඩි දුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

  1. කෙටි පණිවිඩ (SMS), විද්‍යුත් තැපෑල (Email) හෝ වෙනත් සන්නිවේදන යෙදුම් (Messaging apps) හරහා ලැබෙන සැකකටයුතු සබැඳි (Links) හා යොමු කරන ලද පණිවිඩ වල ඇති අන්තර්ජාල දිගු මත ක්ලික් කිරීමෙන් වැළකී සිටීම.
  2. ඕනෑම සබැඳියක් (Link) විවෘත කිරීමට හෝ ඊට ප්‍රතිචාර දැක්වීමට පෙර, වෙබ් අඩවියේ නිවැරදිතාව සහ එවූ පාර්ශවයේ තොරතුරු (Sender details) හොඳින් පරීක්ෂා කර බැලීම.
  3. හඳුනා නොගත් සබැඳි හෝ වෙබ් අඩවි හරහා පුද්ගලික තොරතුරු, බැංකු ගිණුම් විස්තර, OTP කේත හෝ මුරපද (Passwords) හුවමාරු කර ගැනීමෙන් වැළකී සිටීම.
  4. තොරතුරුවල නිවැරදිතාව නිල පොලිස් මාධ්‍ය ප්‍රකාශන සහ රජයේ නිල වෙබ් අඩවි හරහා පමණක් තහවුරු කර ගැනීම.
  5. සැකකටයුතු පණිවිඩ, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව අදාළ බලධාරීන් වෙත වාර්තා කිරීම.
  6. ආරක්ෂක අවදානම් අවම කර ගැනීම සඳහා ජංගම දුරකථන සහ මෘදුකාංග යෙදුම් (Applications) නිරන්තරයෙන් යාවත්කාලීන (Update) කර තබා ගැනීම.
  7. හදිසි අවශ්‍යතාවයක්, තර්ජනයක් හෝ වහාම මුදල් ගෙවන ලෙස දන්වා ලැබෙන පණිවිඩ කෙරෙහි දැඩි ලෙස සැලකිලිමත් වීම.

ඉහත කරුණු අනුගමනය කිරීම මගින් මහජනතාව මෙවැනි අපහසුතාවයන්ට පත්වීම වැළැක්වීම අවම කර ගැනීමට හැකිවන අතර සයිබර් අපරාධ අවම කිරීමට විශාල පිටුවහලක් වනු ඇති බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06