රුසියානු සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරතව සිටින ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් මෙන්ම රුසියානු සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශක ඇලෙක්සැන්ඩර් නිකොලෙවිච් වෙනිඩික්ටොව් හමු වුණා.
මොස්කව් නුවර දී ඊයේ (270 මෙම හමුව සිදුවූ අතර, මොස්කව් නුවර දී පැවැත්වෙන පළමුවන ජාත්‍යන්තර ආරක්ෂක සංසදය සහ ආරක්ෂක ගැටළු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ වාර්ෂික රැස්වීමට සමගාමීව මෙම සාකච්ඡාව සිදුව තිබෙනවා.
මෙම සාකච්ඡාවේ දී, අන්‍යොන්‍ය වශයෙන් ආරක්ෂක ක්ෂේත්රයට වැදගත් වන කරුණු රැසක් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී ශ්‍රී ලංකා සහ රුසියානු සමූහාණ්ඩුවේ සන්නද්ධ හමුදාවන් අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරුණා.
එමෙන්ම, දිගුකාලීන ආරක්ෂක සුරක්ෂිතතාව සහ යුධ තාක්ෂණික සහයෝගීතාව යන ක්ෂේත්රයන්හි නව මානයන් ගවේෂණය කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා.
උසස් තාක්ෂණික යුද සම්බන්ධතා තුළින් ශ්‍රී ලංකාවට ප්රතිලාභ ලැබිය හැකි අවස්ථා සහ දෙරට අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවය ඉහළ නැංවීම අරමුණු කරගත් අදාළ මුලපිරීම් පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.













