වසර 14ක් නොකැඩී පැවති IPL සුපිරි වාර්තාව බිඳ දැමූ යුනිවර්සල් බේබි බොස්

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ දෙවන තරගයෙන් සුපිරි ජයක් වාර්තා කරන්නට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට ඊයේ (27) හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී රාජස්තාන් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයකරමින් ජයගත්තේ ලකුණු 47කින්.

මෙම පරාජයත් සමඟ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායාමට මෙවට අයි.පී.එල් තරගාවලියෙන් ඉවත්වීමට සිදු වුණා.

නව චන්දිගාර්හි දී පැවති මෙම තරගයේ දී රාජස්තාන් රෝයල්ස් ඉනිම වෙනුවෙන් සුපිරි ඉනිමක් දියත් කළ 15 හැවිරිදි ක්‍රීඩක වෛභව් සූර්යවංශි පන්දු 29ක් තුළ ලකුණු 97ක් රැස් කිරීමට සමත් වුණා.

ඔහුගේ මෙම සුපිරි ඉනිමට දැවැන්ත හයේ පහර 12ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

මෙම සුපිරි ඉනිමත් සමඟ අයි.පී.එල් තරගාවලියක් තුළ වැඩිම හයේ පහරවල් එල්ල කරමින් බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් සතුකරගෙන සිටි ඓතිහාසික වාර්තාවක් තම නම ඉදිරියේ ලියා ගන්නට සූර්යවංශි සමත් වුණා.

ක්‍රිස් ගේල් 2012 වසරේ පැවති අයි.පී.එල් තරගාවලියේ දී රෝයල් චැලේන්ජස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් හයේ පහරවල් 59ක් එල්ල කර මීට පෙර එම වාර්තාව පිහිටුවා තිබුණා.

ඒ, අනුව වසර 14ක කාලයක් පැවති එම සුපිරි වාර්තාව සිය නම ඉදිරියේ ලියා ගන්නට 15 හැවිරිදි මෙම ක්‍රීඩකයාට ඊයේ (27) හැකියාව ලැබුණා.

වෛභව් සූර්යවංශි මෙවර අයි.පී.එල් තරගාවලිය තුළ හයේ පහර 65ක් රැස්කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
9
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළුතර රත්කළ වෙ#ල්ලෙන් පුද්ගලයෙක් එළොව යයි - මෙන්න එම ස්ථානයේ නවතම දර්ශන
00:50
Video thumbnail
බසයට ඉඩ නොදී කාර් රථයක් පාර පුරා යන හැටි - කොච්චර හෝන් ගැහුවත් අයින් වෙන්නේ නැති හැටි
00:56
Video thumbnail
නැගෙනහි‍රේ මුස්ලිම් ජනතාව සාමකාමී අයුරින් හජ්ජි මහෝත්සවය සමරන හැටි - අධික බැතිමතුන් පිරිසක් එයි
03:04
Video thumbnail
දන්සල් දෙනවනම් මේ මාර්ගෝපදේශයන් දැනගෙන ඉන්න..බොහෝ පිරිසකට රෝග වැළදෙන්න පුළුවන්
06:26
Video thumbnail
මෙහෙමද වෙනදා වෙසක්..බිස්නස් හරි සවුත්තුයි - වෙසක් සැරසිලිවල මිල ඉහළ යාම නිසා වෙළෙඳුන් දැඩි අසරණ වෙයි
05:20
Video thumbnail
ජල හිඟය නිසා මුළු ගමක් දැඩි අසරණ වෙයි - අවුරුදු 15ක් තිස්සේ අපි දුක් විදිනවා
01:07
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
01:51:16
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49