නිරිත දිග මෝසම සක්‍රීයයි – බස්නාහිර, සබරගමුව සහ වයඹට අද තද වැසි

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එබැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.,

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (27) පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18
Video thumbnail
නාමල්ගේ උපදෙස් අපිට ඕනේ නෑ.. නාමල් කතාකරන්නේ මොන කටින් ද?
02:17
Video thumbnail
දිලිත් සෙනෙහසෙන් ආණ්ඩුවෙන් ඉල්ලපු දේ.. ආණ්ඩුව ලොකුවට වරද්දගෙන ඉන්නේ
08:49
Video thumbnail
මට මේ රජය යන්න කිව්වේ නෑ..මම කිසිම දේශපාලනයක් කරන්නේ නෑ - උදව් ඉල්ලුවොත් මම දෙනවා
03:34
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?ගුරුවරයාගෙන් චෝදනාවක්..අනාගත පරම්පරාව කොහෙටද මේ යන්නේ ?
02:59
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අධිකරණ ඇමති හරියට වගකීම ඉටුකරනවා
08:42
Video thumbnail
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ධුරයෙන් සමුගත්ත මහින්ද සමරසිංහ -
05:49