මුද්‍රණය කළ වාහන අංක තහඩුව තවමත් රැගෙන නොගිය වාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 සහ 2024 වර්ෂයන් හිදී මුද්‍රණය කරන ලද, එහෙත් වාහන හිමිකරුවන් විසින් මෙතෙක් රැගෙන ගොස් නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තු පරිශ්‍රයන්හි ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මෙන්ම, දිවයින පුරා පිහිටි අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවල ද මෙලෙස විශාල වශයෙන් අංක තහඩු ඒකරාශී වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඒ,අනුව 2023 සහ 2024 වර්ෂවලදී වාහන අංක තහඩු සඳහා ඉල්ලුම් කර, ඒවා මෙතෙක් ලබා නොගත් සියලුම වාහන හිමිකරුවන් 2026 ජුනි මස 30 වන දිනට පෙර නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් ලබා ගතයුතු වාහන අංක තහඩු එම ප්‍රධාන කාර්යාලය වෙතත්, අනිකුත් දිස්ත්‍රික්ක වලින් ලබා ගතයුතු වාහන අංක තහඩු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා වෙතත් පැමිණ ඒවා කඩිනමින් ලබාගන්නා ලෙස ඒවායේ හිමිකරුවන්ට දැනුම් දෙනවා.

මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් හෝ අමතර තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වන්නේ නම්, 011-203 33 33 යන දුරකථන අංකය ඔස්සේ දැනගැනීමේ හැකියාව පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16
Video thumbnail
මේ හදන්නේ ඉන්ධන මිල වැඩි කරන්න - මිල වැඩි වීමෙන් අධික ලාභයක් ලබාගන්න යන්නේ
02:53
Video thumbnail
පොහොට්ටුවේ රැළියට ආපු මිනිස්සු කියන කතා
03:33
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31