Update – ඉදිරි පැය 48 කොළඹට සුළු ගංවතුර තත්ත්වයක් – වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්

කැළණි ගඟ ආශ්‍රිතව ඇතිවිය හැකි සුළු ගංවතුර තත්ත්වය පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව යාවත්කාලී කිරීමක් අද (22) පෙරවරු 10.00ට සිදුකර තිබෙනවා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, කැළණි ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට මේ වන විට මිලිමීටර් 300 කට ආසන්න සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 48 ක කාලය තුළ කැළණි ගංඟා නිම්නයේ හංවැල්ල ප්‍රදේශයෙන් පහළ පිහිටි සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැළණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගඟ ආසන්නයේ පවතින පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි අනතුරු අඟවා සිටින්නේ.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහනවල රියදුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
00:00
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23
Video thumbnail
"ඔළුවට උඩින් වතුර ගහනවා"කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් යටවෙලා - වාහනවලටත් යන්න බෑ
02:18
Video thumbnail
කඩා හැලෙන මහ වැස්ස හමුවේ කොළඹ නගරයේ තත්ත්වය..මුහුදත් රළු ස්වාභවයක්
01:45
Video thumbnail
මහ වැස්සෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
01:12
Video thumbnail
අඹුසැමි යුවලක් බිහිසුණු අයුරින් එළොව යවලා.."බලන් ඉන්නේ මොන මඟුලකටද "
02:35
Video thumbnail
ජනාධිපතිගේ නට් බුරුල් වෙලා ද..?
10:49
Video thumbnail
මලයගම් ජනතාව වෙනුවෙන් සජිත් සංවේදී වෙයි
10:05
Video thumbnail
ලෝකේ වැඩිම මිලට තෙල් ගත්තේ ලංකාව ද..? ඇත්ත නැත්ත මෙන්න
09:53
Video thumbnail
මෙයාට හෙල්මටුත් නෑ - ලයිසනුත් නෑ
00:57