AFC Banner
Empty Ad
Empty Ad

පොල් මිලට වෙන දේ – අලුත් ගැසට්ටුවක් එළියට

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් පෙරේදා (18) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණා.

එම ගැසට් නිවේදනයට අනුව වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබුණේ.

ඒ අනුව එම ගැසට් පත්‍රය බල රහිත කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෙරේදා 2232/ 38 දරණ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

191894666 3824690910972861 5825804980519489956 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?