පොල් මිලට වෙන දේ – අලුත් ගැසට්ටුවක් එළියට

පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර සිටිනවා.

ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් පෙරේදා (18) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් 25 වන දින අංක 2194/73 දරණ ගැසට් පත්‍රය මඟින් පොල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබුණා.

එම ගැසට් නිවේදනයට අනුව වට ප්‍රමාණය අඟල් 13 වැඩි පොල් සඳහා රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් ද, වට ප්‍රමාණය අඟල් 12 – 13 අතර පොල් සඳහා රුපියල් 65ක් සහ වට ප්‍රමාණය අඟල් 12ට අඩු පොල් සඳහා රුපියල් 60 උපරිම සිල්ලර මිලක් ද නියම කර තිබුණේ.

ඒ අනුව එම ගැසට් පත්‍රය බල රහිත කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පෙරේදා 2232/ 38 දරණ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

191894666 3824690910972861 5825804980519489956 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42