නෝර්වේ අභ්‍යන්තර ආරක්ෂක අංශ විසින් නෝර්වේ හි ‘නෝර්ඩ්ලන්ඩ්’ (Nordland) ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ඔත්තු බැලීමේ කටයුතුවල නිරත වූ බවට සැකපිට චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔහු සති හතරක කාලයක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කිරීමට එරට අධිකරණය නියෝග කළා.
කෙසේ නමුත්, ඔහුගේ නීතිඥයින් මෙම ඔත්තු බැලීමේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
මෙය 2026 මැයි මාසය තුළදී ඔත්තු බැලීමේ චෝදනා මත නෝර්වේ රාජ්‍යයේදී චීන පුරවැසියෙකු අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාවයි.
මීට පෙර සිදුවූ පළමු සිදුවීමේදී චීන ජාතික කාන්තාවක අත්අඩංගුවට පත් වූ අතර, එහිදී ඇය නෝර්වේ හි ලියාපදිංචි සමාගමක් ව්‍යාජ ලෙස භාවිත කරමින් ධ්‍රැවීය කක්ෂීය චන්ද්‍රිකාවලින් (Polar orbit satellites) දත්ත බාගත කිරීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීමට උත්සාහ කර ඇති බව හෙළි වුණා.
නෝර්වීජියානු බුද්ධි අංශ දිගින් දිගටම පෙන්වා දෙන්නේ චීනය සහ රුසියාව තමන්ට එල්ල වී ඇති ප්‍රධානතම ඔත්තු බැලීමේ තර්ජන බවයි.













