යුද්ධය හොඳ ද නරක ද කියලා විනිශ්චයක් ලබාදීමට තමන් සූදානම් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
තමන් සහ තම රජය සැමවිටම පෙනී සිටින්නේ යුද්ධයක් යළි ඇති නොවන ලෙසට වග බලාගැනීමට බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
17 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමින් ජනධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.
අනිසි වරප්‍රසාද නොමැතිව සෑම පුරවැසියෙකුටම සමාජ වරප්‍රසාද සහිතව ජීවත්වීමේ නිදහස තහවුරු කිරීම ද තමන් සහ තම රජයේ වගකීම බවයි ජන්ධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.
මිනිස් අයිතිවාසිකම්, මිනිස් වගකීම්, මිනිස් වරප්‍රසාද සියල්ලන්ටම එකයි යන හැඟීම සමස්ත ජීවිතවලට ඇතුළත් කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව නිදහස් ලෙස ජීවත්වී හුරු නැති ඇතැම් කණ්ඩායම සිටින බව සඳහන් කළ ජනධිපතිවරයා ඔවුන්ගේ කැමැත්ත ඇත්තේ ගැටුම්, අපහාස සහ අවලාදවලට බවයි සඳහන් කර සිටියේ.













