2025 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 වසරේදී 5% ක වර්ධනයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශ කර තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන ප්‍රධාන ආර්ථික අංශයන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි පැවැසුවේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරන කළා.
.
2025 අගෝස්තු මාසයේ සිට උද්ධමනය ධන අගයක් ගත් බවත්, ප්‍රධාන වශයෙන් ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාම මෙයට හේතු වී ඇති බවත්, වාර්ෂික ආර්ථික විවරණය මගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වී ඇති අතර, රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 16.6% දක්වා ඉහළ ගොස්, ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ද දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4% ක් ලෙස වාර්තා වී තිබෙනවා.

සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% දක්වා අඩු වී ඇති අතර, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 91.6% දක්වා පහළ බැස ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1ක වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා වී ඇති බවත්, සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2 ක් ලෙස වාර්තා වී ඇති බවත්, වාහන ආනයන සීමා ඉවත් කිරීම හේතුවෙන් ආනයන වියදම් ඉහළ යාම නිසා වෙළඳ හිඟය පුළුල් වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය වාර්ෂික ආර්ථික විවරණය ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නා.

විදේශ විනිමය හා සංචිත සම්බන්ධයෙන්, 2025 වසර තුළ ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5.6 කින් අවප්‍රමාණය වී ඇති බවත්, වසර අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.8 දක්වා වර්ධනය වී තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පැවසුවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් වෙළඳපොළ පොළී අනුපාතික පහළ ගොස් ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලික අංශයට ලබා දුන් ණය 25.2 %ක වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්ෂික ආර්ථික විවරණය මගින් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2025 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් පරිදි ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් වීමත් සමඟ ශ්‍රම වෙළඳපොළේ ද යහපත් ප්‍රවණතාවක් දක්නට ලැබී ඇති අතර, විරැකියා අනුපාතිකය 3.9% දක්වා පහළ ගොස් තිබේ. ශ්‍රම බලකා සහභාගිත්වය ද 49.4% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් 2026 වසර තුළ නව ආර්ථික අභියෝග මතු විය හැකි බවට ද මෙම වාර්ෂික ආර්ථික විවරණය මඟින් කරුණු දක්වා ඇති අතර, වසර 03ක් පමණ ගෙවුම් ශේෂ අතිරික්තයක් පැවතිය ද, එය මෙම වසරේ හිඟයක් වීමේ ප්‍රවණතාවක් ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් පවසනවා.

රාජ්‍ය බැංකුවල පවතින අක්‍රීය ණය ගැටලුව විසඳීමට “Bad Bank” සංකල්පය වැනි විශේෂ යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සහ ඉහළ පොළී අනුපාතික පරතරය ආර්ථික වර්ධනයට එල්ල කරන බලපෑම පිළිබඳව කාරක සභාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමුකරනු ලැබුවා.

තව ද, තාක්ෂණික සහ මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයතන පද්ධතියක් ගොඩනැගීම අරමුණු කරගෙන කුඩා බැංකු සහ මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා රජය විසින් ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලැස්මක් හඳුන්වා දී ඇති බව මහ බැංකු නිලධාරීන් පැවසුවා.

මෙම ප්‍රතිසංස්කරණ හරහා කුඩා ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී කාරක සභාව විසින් අවධාරණය කළා.

දේශීය රුපියලේ අගය දැඩි ලෙස අවප්‍රමාණය නොවී රැක ගනිමින් නිල විදේශ සංචිත ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කරන උපායමාර්ගික ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙම කාරක සභා රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුනා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46