දන්සැල් වෙත ජනතාව යොමුකරවන්න බෞද්ධ කොඩිය භාවිත කරන්න එපා – රජයෙන් දැනුම්දීමක්

දන්සැල් පැවැත්වීමේ දී ජනතාව ඒ සඳහා යොමුකරවීම වෙනුවෙන් බෞද්ධ කොඩි භාවිත නොකර කහ පැහැති කොඩි භාවිත කළ යුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ පවසනවා.

රාජ්‍ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට අද (18) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් කොමසාරිස්වරයා ඒ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මීට අදාළ චක්‍රලේඛය ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව නිකුත් කර ඇති බවයි.