ගුවන් සංදර්ශනයක් අතරතුර ඇමරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බටහිර අයිඩහෝවේ මවුන්ටන් හෝම් ගුවන් හමුදා කඳවුරේ පැවති ගුවන් සංදර්ශනයක් අතරතුර ඉරිදා මෙම අනතුර සිදුව තිබෙනවා.
උඩු ගුවනේ දී ජෙට් යානා දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් එහි ගමන් ගත් හමුදා සාමාජිකයින් හතර දෙනාම ආරක්ෂිතව පිටතට පැමිණීමට සමත් වූ බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කරන්නේ.
අනතුරෙන් පසු කඳවුර වහාම වසා දැමීමට කටයුතු කර ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













