සනත් නිශාන්තගේ සහෝදරයාට වසර පහ හමාරක සිර දඬුවමක්

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර පහ හමාරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

හලාවත මහධිකරණය විසින් අද (15) මෙම දඬුවම් නියම කළා.

පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ද ගෙවන ලෙසයි අධිකරණය නියෝග කළේ.

එම ලක්ෂ 10ක වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක් ද හලාවත මහධිකරණය විසින් නියම කරනු ලැබුවා.

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන අභාවප්‍රාප්ත වූ සනත් නිශාන්තට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
11
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted