කැළණි ගඟේ ජල මට්ටමත් සැළකිය යුතු ලෙස ඉහළට – අත්තනගලු ඔයේ පහත් බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක්

ඊයේ (14) දිනයේ වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ)ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් සඳහන් කරනවා.

මිලි මීටර් 180ක වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ලැබී ඇති බවයි අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

එමෙන්ම හංවැල්ල ප්‍රදේශයට මිලි මීටර් 158ක සහ දැරණියගල ප්‍රදේශයට මිලි මීටර් 122 වර්ෂාපතනයන් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඊයේ (14) රාත්‍රිය වන විට සැළකිය යුතු ඉහළ යාමක්‌ පෙන්නුම් කළ බවයි වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පැවසුවේ.

කෙසේ වෙතත් කැළණි ගඟේ ජල මට්ටම ගංවතුර අනතුරු ඇඟවීම් මට්ටම දක්වා වැඩිවීමක් පෙන්නුම් නොකරන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර පවතින වර්ෂාපතනයත් සමඟ කැළණි ගඟ, මාඔය සහ කළු ගඟ යන ප්‍රධාන ගංගා ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි ඔහු දැනුම් දෙන්නේ.

මේ අතර අත්තනගලු ඔය ආශ්‍රිත පහත්බිම්වල ඇතැම් ස්ථානවල මේ වනවිටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ ප්‍රධාන ජලාශ 19ක සහ මාධ්‍යම ප්‍රමාණයේ ජලාශ 19ක වාන් දොරටු විවෘත කර ඇති බවයි.

,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06