ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර 2020 අගෝස්තු මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය අද (13) ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළා.

පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය මෙම නියෝගය නිකුත් කළේ ශානි අබේසේකර විසින් මීට වසර කිහිපයකට පෙර කරන ලද අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ලබා දෙමින්.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර 1986 පෙබරවාරි මස 10 වෙනිදා උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වූ අතර, එතැන්සිට පොලිස් පරීක්ෂකවරයකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු, සහකාර පොලිස් අධිකාරීවරයකු, පොලිස් අධිකාරීවරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස උසස්වීම් ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීමෙන් පසු ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කිරීමට 2017 සැප්තැම්බර් මස 07 දින තීන්දු කළා.

කෙසේ වෙතත්, 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයෙන් පසු රජයේ බලපෑම මත ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට එවකට වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නොවැම්බර් 20 වැනිදා ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි අතර, ඊට පසු දින රැස්වූ පොලිස් කොමිසම ශනි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිගේ පෞද්ගලික සහකාර ලෙස මාරු කිරීමට තීන්දු කළා.

පසුව රංජන් රාමනායකගේ හඬපට සිද්ධියට අදාළව 2020 ජනවාරි 07 වෙනිදා ඔහුගේ වැඩ තහනම් කෙරුණා.

පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වූයේ එම හඬපට සංස්කරණය කරන ලද ඒවා බවයි.

2020 අගෝස්තු මාසයේදී මහ මැතිවරණයට දින කිහිපයක් තිබියදී ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මාස 10කට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වුණා.

ශනි අබේසේකරට ඇප නියම කරමින් අභියාචනාධිකරණය සඳහන් කළේ, එම අත්අඩංගුවට ගැනීමට අදාළ පැමිණිල්ල පසුව ඇතිවූ සිතිවිලි මත නිර්මාණය කරන ලද්දක් බවයි.

ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය 2020ත් 2024 වසරත් අතර විමර්ශන 20කට ආසන්න ගණනක් සිදු කළ අතර ඔහු එම චෝදනාවලින් නිදහස් කෙරුණා.

ඒ අනුව ශානි අබේසේකරට හිඟ වැටුප් ලබාදීමටත්, ඔහු නියමිත විශ්‍රාම වයසට අනුව පූර්ණ විශ්‍රාම වැටුප සහිතව විශ්‍රාම ගැන්වීමටත් 2023 වසරේදී ජාතික පොලිස් කොමිෂන් සභාව තීන්දු කළා.

තමන්ට නියමිතය කාලයේදී නියෝජ්‍ය පොලිස්පති තනතුර ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර, දීර්ඝ විභාගයකින් පසු එහි තීන්දුව අද (13) ප්‍රකාශයට පත් කරමින් ඔහුව 2020 අගෝස්තු මස 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කළා.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ශානි අබේසේකර මහතා සේවයේ අවශ්‍යතා මත කොන්ත්‍රාත් පදනම මත යළි ශ්‍රී ලංකා පොලිස් සේවයට බඳවාගෙන ඇති අතර මේ වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
9
+1
2
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58