ඩීසල් ලීටරයක් 720යි, මහජනතාවට දෙන්නේ 392ට – තෙල් සංස්ථාවට ලීටරයකින් විශාල පාඩුවක්

මැයි මාසයේ ඉන්ධන ආනයන සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 522ක් වැයවන බවට ගණන් ලබා ඇති බව ජනධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා අද (13) මේ බව පැවසුවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ගතවූ පෙබරවාරි මාසයේ දී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් මිලියන 98ක් වැය වී ඇති බවයි.

එමෙන්ම ගතවූ මාර්තු සහ අප්‍රේල් මාසවල ඉන්ධන ආනයනට පිළිවෙලින් ඩොලර් මිලියන 216ක් සහ ඩොලර් මිලියන 318ක් වැය වී ඇති බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව පසුගිය පෙබරවාරිය හා සැසදීමේ දී මේ වනවිට හය ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉන්ධන ආනයන සඳහා වියදම දැරීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

මේ අතර ඩීසල් ලීටරයක් මේ වනවිට රුපියල් 720ක් වැනි මිලක් වන බවත්, එසේ වුවද ඩීසල් ලීටරයක් රුපියල් 392ක් වැනි මුදලකට මහජනතාවට ලබාදෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ.

එහිදී සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක වැය බරක් රජය විසින් ගෙවනු ලබන බව සඳහන් කළ ජනාධිපතිවරයා, ඒ අනුව තෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකට හිමිවන්නේ රුපියල් 492ක මුදලක් බවයි ඔහු පැවසුවේ.

ඒ, අනුව ඩීසල් ලීටරයකින් තෙල් සංස්ථාවට විශාල පාඩුවක් දැරීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.

  1. ජනාධිපති කට ඇරියොත් හෙට ඉඳලා ඉන්ධන වැඩි වෙනවා. ලැස්ති වෙයල්ලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53